නවලසීලන්තයේ පළාත් සභා, නගර සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන පිළිවෙළ ලංකාවේ මෙන් එකිනෙකා ඝාතනය කර ගැනීමටවත්, විරුද්ධ පාක්ෂිකයාට නින්දා වන අයුරින් ප්‍රචාර ගෙන යෑමටවත් තවම පත් වී නැත. වැඩි දෙනෙකුට මැතිවරණ පවත්වන දිනයන් හා වේලාවන් සිහි වන්නේද අවසාන මොහොතේය. සාමකාමීව ඡුන්දය දෙන ස්ථානයට යන ඔවුන් තම ඡුන්දය ප්‍රකාශ කොට සාමකාමීව තමන්ගේ එදිනෙදා වැඩකටයුතුවල නිරත වෙයි. ඡුන්ද අපේක්ෂක අපේක්ෂිකාවන්ද තමන්ගේ ප්‍රතිපත්ති මාලාවක්, තේරී පත් වුවහොත් කරන්නට බලාපොරොත්තු වන ක්‍රියාදාමයක්,කුඩා පොත් පිංචක් ලෙස මුද්‍රණය කර, තැපෑලෙන් හෝ අතින් ගෙනවිත්ලි යුම් පෙට්ටිවලට දමා යති. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන්ප සුව වුවද පෙර පැවති සාමකාමී බව එලෙසම පවතියි. කොඩි අටවාගෙන පරාජිතයන්ට අවමාන කරන, ජයපැන් බොන්නන්න වසීලන්තයේදී මා අසා හෝ දැක හෝ නැත.
Nawaseelanthayedi Sihiwuna De Saha Siduwuna De - නවසීලන්තයේදී සිහිවුණ දේ සහ සිදුවුණ දේ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - V P A Jayawardane - වී පී ඒ ජයවර්ධන
- - Clearance Sale
- ISBN: 9789554635449
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70